MMBL Money Master

අපගේ මෙහෙවර

දිවයිනේ ඕනෑම ස්ථානයකට ඕනෑම වේලාවක වේගවත්, විශ්වාසනීය සහ පහසු මුදල් ගෙන්වා ගැනීමේ සේවාවක් සැපයීම .

අපගේ දැක්ම

මුදල් ගෙන්වා ගැනිමේ ප්‍රමුඛතම සේවා ජාලය බවට පත්විම.
MMBL Money Transfer (Pvt.) Ltd (MMTL) ආයතනය මුදල් හුවමරු සේවාවන් සැපයීම සඳහා ශ්‍රි ලංකාවේ මහ බැංකුවේ අවසරලත් සමාගමකි.
මෙම ආයතනය Mercantile Merchant බැංකුවේ අනුබද්ධිත Mountain Hawk Express (Pvt.) Ltd (MHEL) සමාගම යටතේ 1995 වසරේ දෙසැම්බර් මස MMBL මුදල් හුවමරු සේවාවේ මෙහෙයුම් කටයුතු ආරම්භ කරන ලදී.
අනතුරුව,2002 වසරෙහි MHEL ආයතනයෙන් මුදල් හුවමාරු සේවාව පවරා ගෙන MMTL ආයතනය සංස්ථාපිත කරන ලදී. 2006 වසරේ ඔක්තෝම්බර් මාසයෙහි Aitken Spence PLC සමාගම විසින් 50% ක කොටස් මිල දී ගෙන පරිපාලන කටයුතු සියතට ලබාගෙන හවුල් ව්‍යපාරයක් ලෙස කටයුතු ආරම්භ කරන ලදී.
1868 වකවානුව දක්වා විහිදෙන ඉතිහාසයක් ඇති Aitken Spence PLC සමාගම වනාහී දකුණු ආසියාව, මැදපෙරදිග සහ ශාන්තිකරය ආදි කලාපවල,සිය මෙහෙයුම් සිදු කරන ලෝ ප්‍රකට සමාගමක් වන අතර 1983 සිට කොළඹ කොටස් හුවමාරුවේද ලැයිස්තුගත වී ඇත. හෝටල්, ගමනාගමන, සංචාරක,සාගර හා ප්‍රවාහන සේවා, වතු කර්මාන්තය, විදුලි උත්පාදනය, මුල්‍ය සේවා සහ දේපළ සංවර්ධනය වැනි විවිධ ක්ෂේත්‍රවල මෙම සමාගම ප්‍රධාන වශයෙන් කටයුුතු කරයි.
1973 වසරෙහි සංස්ථාපිත වු සීමාසහිත Mercantile Merchant බැංකුවට තෙවන පරම්පරාවේ ව්‍යවසායකයන්ගේ සාඩම්බර ඉතිහාසයක් තිබෙන අතර පුද්ගලික සමකොටස් ආයෝජනය, සන්නාම කළමනාකරණය, ආයෝජන බැංකුකරණය, ගිණුම්කරණය, නීතිය, පොදු කළමනාකරණය,කළමනාකරණ උපදේශන සේවා සහ ව්‍යාපෘති ප්‍රවර්ධනය ආදි ක්ෂේත්‍රවල පුළුල් අත්දැකීමක්ද මෙම සමාගමට ඇත.
මෙවන් සවිමත් හවුල් ව්‍යපාරයකින් යුත් MMBL මුදල් හුවමාරු සේවාව බැංකු, මුල්‍ය ආයතන, සමුපකාර ග්‍රාමීය බැංකු, උකස් හා මුදල් මාරු කරන ආයතන, නියෝජිත තැපැල් කාර්යාල මෙන්ම සුපිරි සිල්ලර වෙළඳසැල් ආදී 2000+ කටත් අධික දීප ව්‍යාප්ත ශාඛා ජාලය ඔස්සේ තම පාරිබෝගිකයන්හට මුදල් ලබා ගැනිම අතිශය පහසු කර ඇත.