MMBL Money Master

වසර 26 ක කාලය ඇතුලත ශ්‍රි ලංකාවෙහි MMBL Money Transfer නාමය ප්‍රචලිත වී ඇත.

1995 වසරෙහි ආරම්භ වුනු එම ගමන අපගේ ගනුදෙනුකරුවන්හට ලංකාවේ ඕනෑම ස්ථානයකින් මුදල් ලබා ගත හැකි පරිදි සේවාව පුළුල් කර ඇත.

1995

Mountain Hawk Express (Pvt.) Ltd ආයතනය සමග එක් වී දෙසැම්බර් මාසයේ මුදල් හුවමාරු සේවාව ආරම්භ කරන අතර පළමු සේවා ස්ථානය කොළඹ පිහිටුවන ලදී.

2002

MHEL ආයතනයෙන් මුදල් හුවමාරු සේවාව පවරා ගෙන MMTL ආයතනය සංස්ථාපිත කරන ලදී. 20 වෙනි සේවා ස්ථානය සැප්තැම්බර් වන විට පිහිටුවන ලද අතර කොළඹ 03 ශාඛාව පාරිභෝගික සේවා මධ්‍යස්ථනයක් ලෙස දින 365 පුරා මෙහෙයුම් ආරම්භ කරන ලදී.

2006

2006 වසරේ ඔක්තෝම්බර් මාසයෙහි Aitken Spence PLC සමාගම විසින් 50% ක කොටස් මිල දී ගෙන පරිපාලන කටයුතු සියතට ලබාගෙන හවුල් ව්‍යපාරයක් ලෙස කටයුතු ආරම්භ කරන ලදී.

2007

1000 වන සේවා ස්ථානය මැයි මස දී ශාඛා ජාලයට සම්බන්ධකර ගන්නා ලදී (එසේ සම්බන්ධ වුයේ ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ බෙලිඅත්ත පිහිටි සමුපකාර ග්‍රමීය බැංකුවකි).

2008

වෙළඳ නාමය
අපගේ පුළුල් සේවා ජාලයට අද්වීතීය අනන්‍යතාවයක් ලබා දෙනු පිණිස දියත් කරන ලදී.

වර්තමානය

දැනට බැංකු, බැංකු නොවන මුල්‍ය ආයතන, සමුපකාර ග්‍රාමීය බැංකු, උකස් මධ්‍යස්ථාන, නියෝජිත තැපැල් කාර්යාල සහ සිල්ලර වෙළඳසැල් ඇතුලු 2000+ කටත් අධික දීප ව්‍යාප්ත ශාඛා ජාලයක් අපට‍ ඇති අතර කලාපීය කළමනාකරුවන්, ප්‍රාදේශීය කළමනාකරුවන් සහ ව්‍යාපාර සංවර්ධන නිලධාරීන් අපගේ නියෝජිත හවුල්කරුවන් සහ ගනුදෙනුකරුවන් සමග ශක්තිමත් සබඳතාවයක් ගොඩනැගීමට‍ සහය වෙමින් සිටිති.